Published On:
Posted by gossip lanka live

යෝෂිත රාජපක්‍ෂ - රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසක් බිහිවීම සතුටුයි





පිලිපීනයේ පැවැති ‘ෆයිව් නේෂන්ස්’ පළමු කොටසේ රගර් තරගාවලියේ පිලිපීන කණ්ඩායම සමඟ පැවැති අවසන් තරගයෙන් ජය ගැනීමට නොහැකි වුවත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට, කණ්ඩායම් හැගීමෙන් යුත් තරුණ ක්‍රීඩකයන් පිරිසක් බිහිවීම පිළිබඳව ආඩම්බර වන බව ශ්‍රී ලංකා රගර් පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රගර් පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. පුහුණුකරු පිල් ගි‍්‍රනින් සහ රගර් සභාපති අසංග සෙනෙවිරත්න යන මහත්වරුන් පසෙකින් සිටිති. ඡායාරූපය - චමින්ද නිරෝෂණ
“අපි පිලිපීනයට ගියේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. නවක ක්‍රීඩකයන් ගණනාවක් කණ්ඩායමේ හිටියත් ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට උනන්දුවෙන් සිටි අය.
අපි ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වුණා. ආත්ම විශ්වාසයක් ගොඩනගාගෙන ඉදිරියට ගියා. ඒ නිසාම පළමු තරග 2ම විශිෂ්ට ලෙස ජය ගැනීමට අපිට හැකි වුණා.”
යෝෂිත රාජපක්‍ෂ එසේ පැවසුවේ ජාතික රගර් කණ්ඩායමේ ඉදිරි සැලසුම් සහ ෆයිව් නේෂන්ස් රගර් තරගාවලිය සම්බන්ධව ඊයේ සී. එච්. පිටියේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ෆයිව් නේෂන්ස් රගර් තරගාවලියේදී යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල චීන තායිපේ කණ්ඩායම පරාජය කරනු ලැබූවේ වසර 22 කට පසුවය. අවසන් වරට චීන තායිපේ පිල ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූවේ 1990 වසරේ ශ්‍රී ලංකාවේදීය. එවර ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනු ලැබූවේ පි‍්‍රයන්ත ඒකනායක විසිනි.
“පිලිපීනය සමඟ පැවැති අවසන් තරගයේදී අපේ අතින් අඩුපාඩු රැසක්ම සිද්ධ වුණා. පළමු භාගයේදී සෑහෙන්න වැරැදි සිදුවුණා. දෙවැනි භාගයේදී අපි වැරැදි හදාගෙන ඉදිරියට ආවත් තරගයේ ජය අත්කර ගන්න නොහැකි වුණා. නමුත් කණ්ඩායමක් හැටියට අපි ලැබූ මේ ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා” ඔහු පැවැසීය.
රගර් ශ්‍රේණිගත කිරීම් අනුව පිලිපීනය ශ්‍රී ලංකාවට වඩා පහළින් ශ්‍රේණිගතව සිටියද ශ්‍රේණිගත කිරීම් අනුව ජය පරාජය තීරණය නොවන බව යෝෂිත රාජපක්‍ෂ පැවැසීය.
“පිලිපීනය හුඟාක් පහළ මට්ටමක ඉඳලා ඉහලට ආපු කණ්ඩායමක්. ශ්‍රේණිගත කිරීම් ඉහළ පහළ යන්න පුලුවනි. නමුත් ක්‍රීඩා කරන විලාසය අනුවයි තරගයේ ජය පරාජය තීරණය වෙන්නේ” ඔහු පැවැසීය.
මේ අතර මෙවර ෆයිව්නේෂන්ස් රගර් තරගාවලියට සහභාගි නොවූ ක්‍රීඩකයන් පිළිබඳව විනය කමිටුව විසින් තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
විනය කමිටුවේ තීරණය කෙසේ වුවද රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙක දැමූ ක්‍රීඩකයන්ට අන්තර් සමාජ තරග සඳහාත් සහභාගි වීමට මින් පසු ඉඩ නොදීමට රගර් සංගමය තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
“අපි ලෝක ප්‍රකට පුහුණුකරුවන් ගෙනාවා. රගර් ක්‍රීඩකයන්ට ඉහළ ගෙවීම් කිරීමේ වැඩසටහනකුත් ආරම්භ කළා. ඒත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් කීපදෙනෙකු ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්. මෙවැනි ක්‍රීඩකයන්ට එරෙහිව කටයුතු කරන්න අපි තීරණය කළා. අපි පළමු වතාවට අවවාද කරනවා. නමුත් දෙවැනි වතාවේදී රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමටත් නොහැකි වන ලෙස තහනමක් පැනවීමට අපි කටයුතු කරනවා.” ඔහු පැවැසීය.
සති 4ක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා රගර් කණ්ඩායම පුහුණු කොට මාස ගණනක පුහුණුවීම් සහිතව තරගාවලියට පැමිණි කණ්ඩායම් පරාජය කිරීමට ලැබීම පිළිබඳව තමා ආඩම්බරයට පත්වන බව මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික රගර් පුහුණුකරු පිල් ගි‍්‍රනින් මහතා සඳහන් කළේය.
“ශ්‍රී ලංකා කණ්ඩායම කැපවීමකින් හා උනන්දුවකින් යුතුව පුහුණුවීම් කරනවා. ඔවුන්ගේ ආත්ම ශක්තිය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. තවත් වසර කීපයක් තුළදී ඔවුන් ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම වන බව මට ස්ථිර ලෙසම කියන්න පුලුවන්” ඔහු පැවැසීය.
හොකොං සත් සාමාජික රගර් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලි ලෙස සැළකෙන ෂැංහායි සහ බෝර්නියෝ සෙවන්ස් තරගාවලිදී ද ඔහු ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

About the Author

Posted by gossip lanka live on 12:49 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 12:49 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "යෝෂිත රාජපක්‍ෂ - රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසක් බිහිවීම සතුටුයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.