Published On:
Posted by gossip lanka live
ළහිරුට එපාවුණු සිංදුව
හදරැඳි පැය කිව්ව ගමන්ම ඔළුවට එන්නේ ළහිරු මුදළිගේ.
තවම ගායකයෙක් නොවුණාට සිංදු කියන්නත් හුඟක් කැමතියි.
මේ හින්දාම ආරාධනා ලැබෙන හැම උත්සව අවස්ථාවකදි සිංදුවක් කියන්න ළහිරු පැකිලෙන්නෑ.
එහෙම අවස්ථාවලදී ළහිරු වැඩියෙන්ම කියන සිංදුවකුත් තියෙනවා.
'එදා රැ ගුවන්තොටුපලේදී... ' යන යන තැන ළහිරු කියන්නේ මේ සිංදුව තමයි.
ළහිරු මේ සිංදුවට මේතරම් ආදරය කරන්නත් හේතුවක් තියෙනවා.
මොකද ළහිරුගේ පෙම්වතිය ගුවන් සේවිකාවක්.
ළඟකදි ඉඳලා ළහිරු මේ සිංදුවට කොයිතරම් වෛර කරන්න පටන්ගෙනද කියනවා නම් දැන් මේ සිංදුව ඇහෙනවාට වත් ඔහුගේ කැමැත්තක් නෑ.
ඒකටත් හේතුවක් තියෙනවා.
ළහිරුටත් හොරා ඒ පෙම්වතිය රටකින් එහාට මාරුවීම තමයි ඒ හේතුව.