Published On:
Posted by gossip lanka live
Malinga Anger With Media

ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගිවිසුම් සම්බන්ධයෙන් මුලින් එකගතාවක් නොවුනද පසුව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතාගේ මැදිහත්වීමෙන් පසුව රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පෙරටු කොට ගෙන ඔවුන් අවසානයේදී එම ගිවිසුමට අත්සන් කළ බව අප මේ වන විට දන්නා සත්‍යයකි.
නමුත් පසුගිය 3වනදා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය සමග සාකඡචාවට පැමිණි සමහර ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මාධ්‍යකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කරන ආකාරය අප රූපවාහිනිය ඔස්සේ දුටුවෙමු.
එහිදී ලසිත් මාලිංග පැවසු වදනක් අල්ලාගෙන මාධ්‍යකරුවන්ට අපහාස වුවා යැයි තම මාධ්‍ය මගින් පෙන්වා එයින් ඔබ්බට ගොස් Facebookහරහා කැම්පේන් පවා සිදුකර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකොට ක්‍රීඩකයින් අත්සන් කළ ගිවිසුමේ ඇතුළත් සියලු කරුණා සහ ඉන් ක්‍රීඩකයින්ට සාධාරණයක් වුයේද අසාධාරණයක් වුයේද යන්න යටපත් කොට මාධ්‍ය මාලිංගගේ ප්‍රකාශය පමණක් කථා කරනු දැක ගැනීමට හැකිවීය.මෙය අද වනවිට මාලිංගට
එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම දක්වා දුරදිග ගොස් ඇත.සැබවින්ම මාලිංග ක්‍රිකට් ආයතනයට අපහාස කලාද?නැතිනම් ඉදිරිපත් කළ ගිවිසුම ගැන මාධ්‍යයට ප්‍රකාශ කළාද?නැතිනම් ඔහු සහභාගි වී පැමිණි රැස්වීම ගැන මාධ්‍යයට ප්‍රකාශ කළාද?එසේත නැතිනම් අනපේක්ෂිත මෙහොතක නොසිතූ තරම් මාධය කරුවන් පිරිසක් ඉදිරියේ තමන්ට ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමේ නීතිය හමුවේ මාධ්‍ය කරුවන්ගෙන් ගැලවීමට මේ ලංකාව දිනවු සහ ලක්මවට සැමවිටම කීර්තියක් අත් කරදුන් ක්‍රීඩකයා උත්සහ කළාද?
සැබවින්ම අප මාලිංගගේ ප්‍රශ්නය පසෙක තබා කළ යුතුව තිබුනේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩනයින්ට ලබාදුන් නව කොන්ත්‍රාත්තුව ගැන කථා කිරීමයි.එසේත් නැතිනම් මෙහි ඇති සාධාරණය ගැන කථා කිරීමයි.නැතහොත් ඉන් රටට කෙතරම් යහපතක් වේද යන්නගැන කථා කිරීමයි. මන්ද යත් ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කල් ක්‍රීඩකයින්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කළ ක්‍රීඩකයින්ගේ සංගමය (Players association)ප්‍රතික්ෂේප කිරීම හමුවේ සෘජුවම ක්‍රිඩකයින් සමග ගිවිසුම් ප්‍රකාරව කොන්දේසි කථා කළ යුතු බවට ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් ගෙන තිබු අතර එය ලොව අන් රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක්ද?අප දන්නා පරිදි ලොව බොහෝ රටවල් ක්‍රීඩකයින්ගේ ප්‍රශ්ණ ගැන කතා කරනුයේ Players association හරහාය.මෙම පිලිගත් සම්ප්‍රදාය ක්‍රිකට් ආයතනය විසින් බිදිනු ලැබුයේ කාගේ වුවමනාවටද?ඒ පිලිබදව ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කුමක්ද?
වසර 2003 සිට ක්‍රීඩකයින්ට ලබාදුන් දීමනාවන් වන ICC තරග වලට සහභාගිවීමේදී ලැබෙන කොමිස් මුදල2003 සිට ක්‍රීඩකයින් වෙත ලැබුනු අතර මෙම නව කොන්ත්‍රාත්තුව හරහා මින් ඉදිරියට කිසිම ක්‍රීඩකයෙකුට ICC තරග වලට සහභාගිවීමේදී දීමනාවක් නොලැබෙනු ඇත.වසර 2003 මෙම නියමයට එළඹියේ ICC රෙගුලාසි වලට අනුව ICC තරගවලට සහභාගි වන සියලු ක්‍රීඩකයින්ට එම තරග සමය තුළ කිසිම පෞද්ගලික දැන්වීමකට ප්‍රචාරක ක්‍රියාවලියකට සහභාගි වීමේ ඉඩ ඇහිරෙන නිසයි.මේ ගැන සලකා බලා 2003 සිට 2013 දක්වා ගෙන ආ සම්මුතිය නව ගිවිසුම යටතේ අහෝසි වී ඇත.මෙම ගිවිසුමට නව කොනදේසි ඇතලත් කිරීමට හේතු වු කාරණා පිළිබදව ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කුමක්ද?ICC තරග වලට උදාහරණ ලෙස විස්සයි විස්ස ලෝක කුසලානය,චැමිපියන්ස් කුසලාන තරගාවලිය,සීමිත ඕවර 50 ලෝක කුසලානය ආදී තරග හැදින්විය හැකිය.
සමහර මාධ්‍යය කෙසේ කීවත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ටෙස්ට් තරග සහ එක්දින තරග වලදී ලැබෙන දීමනා මෙසේය.දළ වශයෙන් එක්දින තරගයකදී ඩොලර් 3000 ක්ද,ටෙස්ට් තරගයකට ඩොලර් 7500ක් සහ T20 තරගයකට ඩොලර් 1800ක් ආදී වශයෙන් වාර්තාවල දැක්වෙයි.මෙම දීමනා පසුගිය වසර 5 තුලදී එකම අගයක් ගත් අතර ටෙස්ට් තරග සදහා වන දීමනාව පමණක් ඩොලර් 5000 සිට 7500 දක්වා ඉහළ දැමු බව වාරතා වෙයි.වැඩිවු මුදල ගතවු වසර 5 තුල වසරකට ඩොලර් 500කට සමාන බව බැලු බැල්මට පෙනේ.
සත්‍යය එසේ වුවද ඇතැම් මාධ්‍යය කියා සිටියේ ක්‍රීකඩයින් මාසිකව මිලියන ගණනින් උපයන බවයි.සාමාන්‍යෙයන් මේ වන විට ක්‍රිකට් ආයතනය විසින් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙකුටමසකට රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් මාසික වේතනයක් ලෙස ලබා දෙන අතර,ඒ අනුව ගත් කල ඔවුන්ගේ වාර්ෂික ආදායම වන්නේ ලක්ෂ 24කි.උදාහරණයක් ලෙස එම ආදායම සහ ටෙස්ට් තරගයට සහභාගි වන ක්‍රීඩකයෙකුට එක් ටෙස්ට් තරගයකට ගෙවන මුදල ඇමරිකානු ඩොලර් 7500ක් වන විට මේ වසරේ ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 4ක් බව වාර්තා වෙයි.එනම් එමගින් වසරටම ලැබෙන්නේ ඩොලර් 30000ක් පමණි.තවත් උදාහරණයක් ගතහොත් මාසයකට ලක්ෂ 2ක් වැටුපක් ලබන ක්‍රීඩකයෙකු වසරකට එක් දින තරග (උදා.වශයෙන්)20ක් ක්‍රීඩා කළත් ඔහුට ලැබෙන්නේ ඩොලර් 60,000 ක්මුදලකි.මීට අමතරව ක්‍රීඩකයින් ලැබු අනෙක් ආදායම වනුයේ යම් කිසි තරග සංචාරයකදී එම තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මුදල් ත්‍යාගවලින් කොටසක් පමණි.ඒනිසා ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයින් දෙස වෛරයෙන් බැලීමට උඩගෙඩී දීම අප නොකළ යුතුය.මන්ද යත් ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන අනිකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී අපේ ක්‍රීඩකයින්ට ගෙවනු ලබන්නේ ඉතා අඩු මුදලකි.එනිසාම බොහෝ ක්‍රිඩකයින් විදේශ තරගාවලි සදහා සහභාගි විමට උනන්දුවක් දක්වන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කළ කාලය තුල වෙනත් රැකියාවක් කිරීමට හැකියාවක් නොමැති නිසාත් එම කාලය තුළ තමන්ගේ ඉදිරි ජීවිතය තුළ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවත් ජීවත්වීමට පසුබිම සකසා ගැනීම බොහෝ ක්‍රිඩකයන් ගේ අභිප්‍රාය වන බැවිනි.ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ අනාගතය ගැන කතා කරන ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මේ පිලිබදව දක්වනුයේ කෙබදු අදහසක්ද?
වර්ථමානයේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට මිලියන ගණන් මුදල් වැය කරන බව කීවද සත්‍යය නම් එය ක්‍රීඩකයින්ට පමණක් කරන වියදමක් නොවන බවයි.උදාහරණයක් ලෙස ක්‍රීඩකයින්ට කියා වියදම් කරන මුදලට දේශීය හා විදේශීය පුහුණුකරුවන්,භෞත චිකිත්සක වරුන්,පළාත් පුහුණු කරුවන් කාන්තා කණ්ඩායම් ආදී සියල්ලම අයත් වන බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි.මේ පිළිබදව ක්‍රිකට් ආයතනය විනිවිද භාවයකින් කටයුතු නොකරන්නේ මන්ද?
මේ අතර SLPLවැනි තරග සදහා ශ්‍රිලංකා ක්‍රීඩකයින් කිසිම අමතර මුදලක් අය කරන්නේ නැත.නමුත් ඔවුන් සහභාගි වන IPLවැනි තරගවලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති එකගතා වලට අනුව සෑම ක්‍රීඩකයෙකුටම ලැබෙන කොන්ත්‍රාත් මුදලින් 10%ක් ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමිවන බව දන්නේ කීයෙන් කී දෙනාද?වාර්ෂිකව ලබන එම ආදායාම ලක්ෂ 900කට අධික බවත් වාර්තා වෙයි.මේ පිළිබද ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කුමක්ද?
ඒ අතරම ශ්‍රිලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තම බිරින්දෑවරුන් පිටරට තරග සංචාර සදහා ගෙනයාමට බලපෑම් නොකළ බවද වාර්තා වෙයි.ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් තරග සංචාර සදහා එකතුකර ගැනීම ලොව පුරා ඕනෑම ක්‍රීඩා කණ්ඩායමක් සිදුකරන ක්‍රියාවලියකි.එම රටවල් මෙම ක්‍රියාදාමයට සහයෝගය දක්වන්නේ බොහෝ ක්‍රීඩකයින් මෙම තරග සංචාර වලදී සති ගණන් මාස ගණන් තම පවුල් වලින් ඈත්වී සිටීමට සිදුවීමෙන් ඇතිවන මානසික බලපෑම අවම කිරීම සදහාය.තම මනස නිරවුල්ව තබා ගැනීමට තම සහකාරිය, දරුවන් දැකීම ඕනෑම මනුෂයයෙකුට උපකාරී වන බව ජාත්‍යන්තර ක්‍රීඩා සම්මතයක් සහ ක්‍රීඩා විද්‍යාවට අනුව අනුබල දිය යුතු කාරණයකි.ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු තරග සංචාර සදහා මින් ඉදිරියට ගෙනයාමට ඉඩ දෙනවාද ?ඒ පිලීබද ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කුමක්ද?
පසුගිය වසර 5දෙස හැරී බැලුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලවල කොතරම් ප්‍රශ්ණ තිබුනද,ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.උදාහරන ලෙස T20 ලෝක කුසලාන තරගාවලි දෙකක අනු ශුරයින් වීමට මෙන්ම ,සීමිත ඕවර 50 ලෝක කුසලාන තරගාවලි 2ක අනු ශුරයින් වීමට ද ගතවු වසර 5 තුළ ශ්‍රිලංකා කණ්ඩායමට හැකිවී තිබේ.උදාහරණ ලෙස 1996 ලෝක කුසලානය දිනු කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමු වටයෙන් එළියට විසිවු අතර එසේ ගත් කල පසුගිය වසර 5 තුළ ශ්‍රිලංකා කණ්ඩායමේ දක්ෂතා අකමැත්තෙන් වුවද කවුරුත් අගය කළ යුතුය.
අද බොහෝ දෙනෙක් කථා කරන විවේචනය කරන මාලිංග ද පසුගිය වසර 5 තුළදීමෙම දක්ෂතාවයන් ලංකාවට ගෙන ඒමට මහගු සේවයක් කළ ක්‍රීඩකයෙක් බව අප අමතක නොකළ යුතුය.දකුණු පළාතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි රුහුණු පුත්‍රෙයක් වන මාලිංගට කොළඹ පැලැන්තිය බිම දමාගෙන ගැසීම අද ඊයේ සිදුවුවක් නොවේ.අතීතයේ පටන් ගමෙන් එන මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් අල්ලාගෙන තැලීම අප කොතෙකුත් දැක
ඇත.ඒ නිසා අප මේ ලිපිය ලියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට කඩේ යන්නට වත්,මාලිංගට කඩේ යන්නට වත් නොවෙයි.මාධ්‍යයක වගකීම වන්නේ විදෙස් කණ්ඩායමක් ලංකාවේ තරග සංචාරයක් සදහා පැමිණ සිටින අවස්ථාවක
ක්‍රීඩකයින්ගේ මානසිකත්වය වැටෙන අයුරින් සුළු සිදුවීමක් මහා ලොකු සිදුවීමක් ලෙස හුවා දක්වමින් කටයුතු කිරීම ද?නැතහොත් රටක් වශයෙන් අපේ දේවල් එළියට නොදී ක්‍රියාකිරීමද?බොහෝ රූපවාහිනි නාලිකාවලට සිය රේටින්ග්ස් වැඩිකර ගැනීම සදහා ක්‍රීඩකයෙකුගේ වචනයක් දෙකක් අල්ලා ගැනීම කෙතරම් සාධාරණද?පරුෂ වචනයෙන් බැන වදින සමහර දේශපානඥයින් ඉදිරියේ කරබාගෙන සිටින අය මාලිංග වැනිගමෙන් ආ ක්‍රීඩකයෙකුඋලුප්පා දක්වමින් ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයින් අතර ගිවිසුමේ සත්‍යය ගවේශණය නොකර “ගොසිප්“පසුපස යාමේ මාධ්‍ය කලාවක් බිහිවීම ගැන අපට ඇතිතේ කණගාටුවකි.
බොහෝ මාධ්‍ය ආයතන වල බල කිරීම මත මාලිංගට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට යන බවට තොරුතුරු වාර්තා වන අතර මාලිංග සම්බන්ධයෙන් ශ්‍රීලංකා කණ්ඩායමට,ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනයට ,පරික්ෂණ පැවැත්වීමට හේතු වු කාරණා පිලිබදව ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කුමක්ද?
වර්තමානයේ එලඹි ගිවිසුම් වලට අනුව සාධාරණය හෝ අසාදාරණය සිදුවන්නේ වසර 10කට වඩා ක්‍රිකට් ක්‍රීඩාකළ එමෙන්ම තවත් වසර එකක් හෝ දෙකක් ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින්ට වඩා අද ඊයේ මෑතකදී ක්‍රීඩාවට එක්වු ක්‍රීඩකයින්ට නොවේද?ප්‍රතිලාභවල අඩුවක් සිදුවුයේ නම් එහි ඇති අඩුව දැනෙනුයේ වර්තමාණයේ කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයින්ටද?මේ පිලිබදව පාඨක ඔබ දරනුයේ කෙබදු අදහසක්ද?
අපේ සිහිනය ලාංකිකයන් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයින්ට වෛර කරන යුගයක් නිර්මාණය කරනු වෙනුවට වැඩි වශයෙන් තරග නරඹන්නට විත් වර්තානයේ තිබෙන ක්‍රිකට් ප්‍රේක්ෂඛ නියගය නිම කරමින් රට දිනවන්නට සැබවින්ම ක්‍රියා කිරීමයි ඒපිළිබදව ක්‍රිකට් ආයතනයට ඇත්තේ කෙබදු වැඩපිලිවලක්ද?
- තෙවැනි විනිසුරු
malinga Anger With Media






