උදයන්ති කුලතුංග
කලර් සමඟින් ආයෙමත් ඇවිදින්, රිදී තිරයට.
ඒක පුද්ගලිකයි රහසිගතයි
පළමුව කියන්න ඔබේ රැඟුම් ඇතුළත් කලර් චිත්‍රටපටය ගැන?
මේ මගේ තෙවැනි චිත්රතපටය. මහින්දා ගමනය සහ සිංහාවලෝකනය මං මීට ප්රසථම රඟපෑවා. කලර් හි මගේ චරිතයට නමක් නැහැ. ඇය තරුණ පෙම්වතියක්.
උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඉතින් ඈ මුදල් යහමින් තියෙන පිරිමි ළමයකු සමඟ පෙමින් වෙළෙනවා. මං මෙතැනින් එහාට ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද එතකොට චිත්රපටයෙහි අගය නැතිව යනවා. කෙටියෙන්ම කිව්වොත් සමාජ පංති දෙකක් අතර වුණත් මනා අවබෝධයකින් යුතුව ආදරය කළ හැකිබව කියවෙන චිත්රනපටයක් තමයි කලර්.
උදයන්ති සෑහෙන්න නෑවා කියලා ආරංචියි කලර් රූගත කරන අතරතුර දී?
අනේ ඔව්, හරියට පැය දොළහක් නෑවා. කලර් නැරඹූ අය ඒ දර්ශන පෙළ ගැන දන්නවා ඇති. චිත්රගපටයේ නම් විනාඩි ගණනයි මං වැස්සෙ සතුටින් නාපු හැටි පෙන්නුවේ. ඒ වුණාට මං ඒ කාලයම සීතලෙන් ගැහි ගැහී උන්නේ. ඒක මතක් කරද්දිත් ඇඟට සීතලයි.
කලර් නැරඹූ ඇතැමෙක් කියනවා සඳනිගේ සහ ඔබේ චරිත මාරු වුණා නම් හොඳයි කියලා?
මන්දා...මට ඔය ප්‍ර ශ්නයට අදහසක් දෙන්න අපහසුයි. චරිත තේරීම අධ්යයක්ෂ ක සතු රාජකාරියක්. මට චරිතයක් දුන්නා කලර් හි අධ්යඳක්ෂද ඉසුරු වීරසිංහ මුදලි. මං ඒකට සාධාරණයක් ඉටු කළා.
ඔබ පිළිබඳ කිසිදු තොරතුරක් පසුගිය සමයේ දැනගන්නට ලැබුණේ නැහැ. ජංගම දුරකථන අංකයත් වෙනස් කරලා? මොකද වුණේ? කොහෙද ගිහින් හිටියේ?
ඇත්තටම මං මාස කිහිපයක් හිටියේ නුවර, දේවින්ද කෝන්ගහගේ ගේ ‘භව තරණ’ සහ ‘භව සිද්ධාන්ත’ යන චිත්රේපටයෙහි සහ ටෙලි නාට්යගයෙහි රූගත කිරීම්වල. මට එවාහි චරිත හතරක් රඟපාන්න තිබුණා. චිත්රතපටයේ දෙකයි නාට්යේයේ දෙකයි. හරිම අභියෝගයක්. පරාසයන් හතරක් ඔස්සේ දිවයන චරිත හතරක් නිරූපණය කරන්න ලේසි නැහැ. ඒක නිසා මං ඒ කාලයේ වෙන බාහිර වැඩවලට දුන්නේ දෙවැනි තැන. අඩුම තරමේ මගේ ජංගම දුරකථනයවත් ළඟ තියා ගත්තේ නැතිතරම්. නවාතැන් පොළෙහි ඒක දාලයි රූගත කිරීම්වලට එක්වුණේ. හවස ෆෝන් එක අතට ගත්තම ඒකේ මඟ හැරුණු ඇමතුම් බොහොමයක් තිබුණා. මේ තත්ත්වය මත බොහෝ දෙනකු හිතුවේ මං ක්ෂේකත්රැයෙන් තරමක් දුරට ඈත්වෙලා කියලා.
ජංගම දුරකථන අංකය වෙනස් කළේ එයට ලැබෙන ඇමතුම් ප්රොමාණය ඉහළ ගිය නිසා. මං ක්ෂේ්ත්රියට ආපු කාලේ ඉඳලා පාවිච්චි කළේ ඒ අංකය. මං සාමාන්‍ය යෙන් රෑට නිදියද්දි පවා ෆෝන් එක ඔන් එකෙයි තියාගන්නේ. ඒ වෙලාවට ලැබුණු ක්ෂේාත්රයයේ නොවන අයගෙන් අනවශ්යර කරදර නිසා මගේ නින්දට වුණු බාධා එමටයි. අංකය වෙනස් කරන්නටත් හේතුව වුණේ ඒකයි.
ඒ කියන්නේ ඔබට රසික රසිකාවන් ඉන්න එක කරදරයක්ද?
මං කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. හරිම පහත් මට්ටමේ දුරකථන ඇමතුම් දෙන පුද්ගලයෝ ගැන. අපිට විතරක් නෙමෙයි වෙන ඕනෑම කාන්තාවකට එවැනි අය කරදරයක්.
උදයන්තිට වැඩිහිටියන්ට සුදුසු දර්ශනයන් තියෙන චිත්රාපටයක රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්?
වචන දෙකක් නැහැ. ඒක ප්රයතික්ෂ්්ප කරනවා.
ඔබ විවෘතව අදහස් දක්වන කෙනකු යැයි මං අසා තිබෙනවා. කියන්න තියෙන දේ මුහුණටම කියනවාලු. ඒ ගතිගුණය නිසා අහිමිවෙන දේවල් වැඩියි නේද?
වෙන්න පුළුවන්. මොනදේ කිව්වත් කෙරුවත් මට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක ලැබෙනවා. ඒ වගේම පැත්ත ගියත් ඇත්ත කියන එක නවත්වන්නේ නැහැ. ඒක මගේ ජන්ම ගතියක්.
ආදරයෙන් කී පාරක් පැරදිලා තියෙනවාද?
ආදරයෙන් පැරදිලා තියෙනවා. වාර ගණන අවශ්‍ය නැහැ.
ඒකද විවාහ නොවී ඉන්නේ?
ඔව්.
“උදයන්ති තරම් ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙ නැහැ” මෙහෙම කිව්වා නේද එක්තරා පුද්ගලයෙක්. කෝ දැන් එයා?
ඒක පුද්ගලිකයි රහසිගතයි. එයා මට ආදරය කරපු ආදරවන්තයෙක්.
ඔහුත් ඔබව රැවැට්ටුවාද?
ඒ ගැන කතා නොකර ඉමු.
මා ඔබ ගැන අසා තිබූ මතය බොරුවක් වගෙයි?
ඒ කිව්වේ.
ඔබ ඔබේ ආදර කතාව ගැන විවෘතව නොපවසා හිස්තැන් තබමින් අදහස් දැක්වූ නිසා?
ආදරය ගැන මෙවැනි ගැටලු වලදී කොයි කවුරුත් නිහඬයි. අනික මං පොදු තැන්වලදී පොදු දේවල් ගැන විවෘතව සහ කෙළින් කියන්න තියෙන දේ කියනවා බවටයි මං පෙර ප්රදකාශයෙන් අදහස් කළේ.
උදයන්තිට ලැබී ඇති රූපය ගැන තෘප්තිමත්ද?
සැබවින්ම. ඒත්....
ඇයි ඒත් කිව්වේ?
මගෙ පෙනුමත් එක්ක වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා මං හරිම නපුරුයි කියලා.
ඉතින් ඒක ඇත්තද?
මාව ඇසුරු කරන අය දන්නවා මගේ හැටි.
උඩඟුකම සහ නිළියන් අතර ඇති සමානාත්මතාවය ගැන ඔබ කොහොමද දකින්නේ?
ඔය ගැන නම් කතා කළ යුතුමයි. අද චරිතයක් දෙකක් කරපු අය බස් එකකවත් යන්නට කැමැති නැහැ. ඒකට කියන්නේ හීනමානය. ජනප්රි ය වෙන්න වෙන්න නිහතමානී වෙන්න ඕනේ. මට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පොළට ගිහින් බඩු අරං එන්න පුළුවන්. ඒක මං හදා ගත්තු දෙයක්. අපේ සමහර අය ජනප්රිදයත්වය එක්ක හිස උදුම්වා ගෙන සිටින හැටි දැක්කම මට තනියම හිනා.
විවිධ ක්ෂේනත්රක නියෝජනය කරමින් පවත්වනු ලබන ගායන නර්තන රියැලිටි තරගවල උදයන්තිව පේන්න නැහැ?
පොදු තියරියක් තියෙනවා බැරි වැඩ නොකරන් අබරෝ කියලා. ඒක ගැන තබපු විශ්වාසය නිසයි අරවැනි තරගවල මං නැත්තේ.
කුමන දර්ශන තලයන් හිද මේ දිනවල ඔබේ ජීවිතය ගෙවෙන්නේ?
සිවගුරුනාදන් මහතාගේ පිනි වැස්සක් නාට්යවයෙහි පමණයි දැනට වැඩ. රොකට් රජා පොකට් රජා නම් වූ චිත්රාපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා. එය දිනූෂ ප්‍ර දීප් කුමාරගේ අධ්යපක්ෂරණයක්. එහි රූගත කිරීම් ළඟදීම ඇරැඹේවි.
සටහන සහ ඡායාරූපය ප්රනසාද් සමරතුංග.
VIDEO