Published On:
Posted by gossip lanka live
Chat With Thissa wijekoon
අද අපේ කතා නායකයත් ඒ වගේ. දැඩි කැපවීමකින් තමන් කැමැති දේ ඉගෙන ගෙන ඒ තුළින් ලද දැනුම හා අත්දැකීම් තුළින් කලා ක්ෂේත්‍රයේ ඉහළට පැමිණෙන්නට ඔහුට හැකි වුණා.
මේ දිනවල හිරු ටී වී ඔස්සේ විකාශය වන ‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ඔහු තිස්ස විජේකෝන්. ‘මුතුලන්ද’ ටෙලි නාට්‍යයට සහාය කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙමින් තම කලා දිවියට පිවිසි තිස්ස විජේකෝන් තම කලා දිවියේ ආරම්භය ගැන කිව්වේ මේ විදියට.
‘පුංචි කාලේ මම චිත්‍රපට පිස්සෙක්. වයස අවුරුදු 10 ක විතර කාලේ පටන්ම මම ගෙදරට හොරෙන් ගිහින් චිත්‍රපට බැලුවා. ගැලරියේ ඉඳලා තමයි බැලුවේ. ඒ කාලේ ගැලරියේ ටිකට් එකක් ශත විසි පහයි. බලපු පළමු චිත්‍රපටය නම් මතක නෑ. ඒත් යකඩයා, සිරිපාල හා රං මැණිකා, මාතලන්, හුලවාලි වගේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් මම බැලුවා.
පුංචි කාලෙම හීනය වුණේ කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලද?
ඇත්තටම එහෙම ආසාවක් තිබුණේ නැතුවාමත් නෙවෙයි. අපි සාමාන්‍ය පවුල්වල අයනේ. ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි ජීවත් වුණේ. ඒ කාලේ එහෙම හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අධ්‍යාපන කටයුතුවලින් පසුව ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තු වුණේ. 1987 වසරේදී ටෙලි මූවි රූපවාහිනි අභ්‍යාස ආයතනයට සම්බන්ධ වෙලා මේ පිළිබඳ දැනුම ලබා ගත්තා. ඇත්තටම ඒ කාලේ දැඩි ලෙස කැප කිරීම් කරන්න මට සිදු වුණා.
මගේ ගම කුරුණෑගල. ඒ කාලේ භීෂණ සමය පැවතියත් පංතිවලට කොළඹ එන්න සිද්ධ වුණා. ගෙදරින් බය වෙයි කියල ගෙදරට කිව්වේ පොල්ගහවෙල පංති යන්නෙ කියලා. සමහරදාට පංති ඉවර වෙලා යන්න බස් නැහැ. ලොරිවල නැගල තමයි ගෙදරට ගියේ. එක දවසක් නින්ද ගිහින් ගෙදරත් පහුකරගෙන ගිහින්. පස්සේ මඟ බැහැලා බස් හෝල් ට් එකක නිදාගෙන ඉඳලා පහුවෙනිදා උදේ ගෙදර ආවේ. මේ කාලයේදී මට ‘මුතුලන්ද’ ටෙලි නාට්‍යයේ සහාය කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
ඔබගේ දායකත්වය ලද අනෙකුත් නිර්මාණ ගැන කතා කරමු.
නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ‘උරගල’, මොහාන් නියාස් ගේ ‘රාත්‍රිය’, ලලිත් ගුණවර්ධනගේ ‘මංකොල්ලය’, සංජය ලීලාරත්නගේ ගංගාවේ ගීතය’ යන ටෙලි නාට¼්‍ය සඳහා සහාය අධ්‍යක්ෂවරයෙක් වගේම ‘අභියෝගය’, ‘අරගලය’ චිත්‍රපට සඳහා නිෂ්පාදන සහායක විදියට කටයුතුª කළා.
මේ අතරේ ජීවිතයේ අමතක කරන්නට බැරි අවස්ථා එහෙමත් ඇති නේද?
ඔව්. ඇත්තෙන්ම නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියගේ ‘උරගල’ ටෙලි වෘත්තාන්තයේ සහාය අධ්‍යක්ෂ විදියට කටයුතු කරන්නට අවස්ථාව ලැබීම මට සුවිශේෂයි. මට ඒ අවස්ථාව ලබා දුන්නේ සංජය ලීලාරත්න. මම දවසක් කුරුණෑගල වැව ළඟ චිත්‍රපටයක් රූගත කරනවා බලන්න ගියා. මාලිනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය රංගනයෙන් දායක වූ චිත්‍රපටයේ ‘පහනක් දල්වා’ කියන ගීතය තමයි රූගත කළේ. එදා තමයි මට නිළි රැජන මාලිනී ෆොන්සේකා මුල් වරට හැබැහින්ම දැක්කේ. ඉතිං ඊට අවුරුදු විස්සකට විතර පස්සේ ඇයගේම ටෙලි නාට්‍යයක සහාය අධ්‍යක්ෂ විදියට කටයුතුª කරන්න ලැබීම ගැන පුදුම සතුටක් දැනුණේ.
ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණියේ?
1999 වසරේදී. ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය වූ ‘කිනිහිරේ දෝංකාරය’ ටෙලි වෘත්තාන්තයෙන්. ඊට පසු ‘සඳ නැති ලොව’, ‘අනුත්තරා’, ‘දාදු කැට’, ‘විශ්මය’, ‘හංස රැඟුම්’ යන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා.
වොන්ඩර් ලයිට් කුමර කුමරියෝ’ වැඩසටහනට සහාය අධ්‍යක්ෂණය වගේම ‘විජය ගී සැඳෑව’, ‘සී. අයි. බී. මොඩ්ල් ඔෆ් ද ඉයර්’ වැනි වැඩසටහන් අධ්‍යක්ෂණය කළා. මීට අමතරව තව වාර්තා වැඩසටහන් කීපයකුත් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම මගේ මුල්ම ටෙලි නාට්‍ය පහම සහාය අධ්‍යක්ෂවරයෙක් පවා නොමැතිව තමයි අධ්‍යක්ෂණය කළේ.
‘සිහිනයකි ජීවිතේ’ මෙගා නිෂ්පාදනයක්. මෙගා නාට්‍ය වෙත නොයකුත් විවේචන එල්ල වන සමයෙක මෙවැනි නිර්මාණයක් කරන්නට පෙළඹුණේ විශේෂ හේතුවකටද?
‘සිහිනයකි ජීවිතේ’ ඇත්තෙන්ම මට හීනයක්. ඒක මගේ පළමු මෙගා ටෙලි නාට්‍යය. නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත, උපුල් ජයසිංහ සහ නිල් රුක්මන්ට ඒ සඳහා ස්තුති කරන්න ඕනෑ. මෙහි පිටපත් රචනය සනත් සමරනායකගෙන්. මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙගා ටෙලි නාට්‍ය සඳහා විරෝධය දක්වන්නේ අදාල අයට ඒවා හමු නොවන නිසා.
මෙගා සංකල්පය නිසා අදාළ නිර්මාණයේ ගුණාත්මක බව නැති වෙනවා කියන අදහස සමඟ ඔබ එකඟද?
නිර්මාණයක රචනය හොඳ නම් එහි ගුණාත්මක බවට හානි වෙන්නේ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව තමයි තිර පිටපත ඉදිරියට ගෙන යන්නේ. එහිදී පිටපත් රචනය තමයි වැදගත් වෙන්නේ.
ඔබ නවක නළු නිළියන් වගේම ප්‍රවීණ අය සමඟත් කටයුතුª කරලා තියෙනවා. ඒ පිළිබඳ මොකද හිතෙන්නේ?
නවක ශිල්පීන් පුරුදු වෙලා තියෙන්නේ හැම දේම ඉක්මනට කරන්න. ඔවුන් අතරේ තියෙන්නේ තරගයක්. ප්‍රවීණයන් තුළ එදා වගේම අදත් එහෙම දෙයක් නැහැ. ඔවුන් කාල සීමාව බලාගෙන නිර්මාණවලට දායක වුණේ නැහැ. නිර්මාණය වෙනුවෙන් තමයි කැප වුණේ. දැන් තියෙන්නේ මුදල් පසුපස හඹාගෙන යන තත්ත්වයක්. එවිට නම් නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.
මේ අතරේ සමාජ සත්කාරක සේවයකුත් ඉටු කරනවාලු නේද?
පාසල් සහ වැඩිහිටි නිවාස වෙනුවෙන් කෙටි චිත්‍රපට වැඩසටහනක් කරගෙන යනවා. දැනට කුරුණෑගල ප්‍රදේශයේ මෙය කරගෙන යන්නේ. අසරණ ළමයි සහ වැඩිහිටියන් වෙනුවෙන් තමයි මේ සමාජ සත්කාරක සේවය ආරම්භ කළේ.
චිත්‍රපටයක් ගැන හිතන්න අදහසක් නැද්ද?
ඒක තමයි ලොකුම බලාපොරොත්තුව. මගේ ‘සඳ නැති ලොව’ ටෙලි නාට්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහස් කරගෙන ඉන්නවා. මේ වන විට පිටපත පවා ලියල අවසන්. නමුත් නිෂ්පාදකවරයෙක් නොමැතිකම තමයි තියෙන ලොකුම අඩුව.
මෙතෙක් දුර පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?
පියවරෙන් පියවර තමයි මම මේ තත්ත්වයට ආවේ ක්ෂේත්‍රයේ සෑම දෙයක් ගැනම ලබාගත් දැනුම හා අත්දැකීම් සමඟින්. කැපිලි කෙටිලි නොතිබුණාමත් නෙවෙයි. කැපවීමයි, ඉවසීමයි, දැනුමයි නිසා ඒ හැම බාධකයක්ම බිඳගෙන ඉදිරියට එන්න ශක්තියක් වුණා.