Published On:
Posted by gossip lanka live
ru sanda re 2012-08-11 පවුලේ සියලු දෙනාම මෙවර ගායනයෙන් එකතු වෙනවා
‘රූ සඳ රෑ’ 2 ප්‍රසංගය 11 දා සුගතදාස
ගෘහස්ථක්රීඩාංගණයේදී
කලකට පස්සේ තම රසික
රසිකාවන් අමතන්නටයි ඔවුන්ගේ මේ සූදානම. ඒ ඇමතුම සිදුවන්නේ සඳෙහි රැස්
ගලා යන සුන්දරවූ රාත්‍රියකදී යි. ඒ රාත්‍රිය ‘රූ සඳ රෑ’ යනුවෙන් නම් කර
තිබෙනවා.
ඉතින් කලකට පස්සේ තම රසික රසිකාවන් අමතන්නට සිතුණේ ඇයි දැයි අපිට අසන්නට හිතුණා.
ඉතින් මේ කතාබහට රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ අප හා එකතු කරගත්තා.
1. කලකට පසුව පායන ‘රූ සඳ රාත්‍රිය’ යෙන් කතා බහ අරඹමු.
වසර තුනකට පසුව පවත්වන ‘රූ සඳ රෑ’ දෙවන ප්‍රසංගය මේ මස 11 වැනි දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම්.
2. මෙවර ‘රූ සඳ රෑ’ ප්‍රසංගයෙන් සුවිශේෂත්වය මොකද්ද?
සුවිශේෂිත කාරණා කිහිපයක් ම තිබෙනවා. ඉන් ප්‍රධාන කරුණ අප පවුලේ සියලු දෙනාම මෙවර ගායනයෙන් එකතු වෙනවා. අප සිවු දෙනාගේ ම ගීත රසවිඳීමට එදින අප ආදරණීය රසිකයන්ට අවස්ථාව ලැබේවි. මේ ප්‍රසංගයේ දී අති නවීන උපාංග, හා ශබ්ද උපකරණ යන්ත්‍ර යොදා ගැනීමත් මෙහි තිබෙන තවත් එක් විශේෂත්වයක්. ආලෝක කරණයෙන් ප්රාසාංගිකත්ව යන සියලු අංගයන්ගෙන් සුවිශේෂ වූ වෙනසක් ද සිදුවේවි. පූර්ණ අනුග්‍රහයෙන් මන්චි සහ එයාර්ටෙල් ආයතනත් සම්බන්ධීකරණයෙන් ඉවෝක් ඉන්ටර්නැෂනල් ආයතනයත් අත්වැල් බැඳගෙන තිබෙනවා.
3. මේ ප්‍රසංගය සඳහා තෝරා ගත් ගීත ගැන දැන ගැනීමට කැමැතියි.
පළමු ප්රසංගයේදී අප ගායනා කළ ගීත අතුරින් කිහිපයක් මෙවර ප්රසංගයටත් තෝරා ගෙන තිබෙනවා. ඒවා අපේ අතිශයින් ජනප්‍රිය වූ ගීත කීවෝත් නිවැරැදි යි. නමුත් මෙවර එම ගීත අපේ රසිකයන්ට නව රිද්මයකින්, වෙනස් මුහුණුවරකින් රස විඳීන්නට හැකි වේවි.
4. පසුගිය ප්රසංගයේදී සහෝදර ගායක ගායිකාවන් රැසක් ම ඔබ හා අත්වැල් බැඳ ගත්තා මෙවරත් ඔවුන්ගේ සහයෝගය ලැබේවිද?
ඔව්. මේ ප්රසංගයේදිත් කිහිප දෙනෙකුම එකතු වෙනවා. ජෝ විසිදාගම මාගේ මිත්‍රයා මෙවර ඇමරිකාවේ සිට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. අප ප්‍රසංගයේ ගීත කිහිපයක් ගායනා කිරීමට. අතුල අධිකාරි, නෙලූ අධිකාරි වැනි මගේ සහෝදර ගායන ගායිකාවන් මෙන් ම ඉතා සුවිශේෂී අමුත්තෙකුත් මෙවර ප්‍රසංගයට සහභාගි කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියැද්ද, ආලෝකකරණයෙන් හුසේන් සහ නර්තනයෙන් මුද්‍රිකා සහ බුදවත්ත ආයතනය මේ ප්‍රසංගය කලඑළි කිරීමට වෙහෙස මහන්සි වෙනවා.
ඔබේ නව නිර්මාණයක් මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි.
මෑතදී මගේ නව නිර්මාණ වශයෙන් බිහි වුණේ ගීත දෙකක් පමණයි. ‘හිත නැවතුණු තැන’ ඔබ නවතිනවාද?” නන්දන වික්‍රමගේ පද රචනය කළ මම සංගීතවත් කළ එක් ගීතයක්. “කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරි’ මෑතකදී මා එළිදැක්වූ අනෙක් ගීතයයි.
ලංකාවේ ස්ථිරව පදිංචි වෙන්න තවමත් අදහසක් නැද්ද?
ඇත්තටම ලංකාවේ අස්ථිර පදිංචියක් නැහැ. නමුත් යම් යම් හේතු නිසා අපිට මෙහේ වගේ ම එහෙත් පදිංචි වන්නට සිදු වී තිබෙනවා. ප්‍රධානම හේතුව දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනය. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හමාර වන තෙක් මාපියන් ලෙස අප ඒ කැප කිරීම කළ යුතුමයි. නමුත් මගේ රසික රසිකාවියන් සහ මගේ සංගීත ජීවිතය නිසා මෙහෙත් ඉන්න වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිමකර ඔවුන් එකලස් කිරීමෙන් පසුව නැවතත් ලංකාවේ ස්ථිර පදිංචියට ඒම තමයි මගේ අභිලාෂය. මොකද මගේ එකම සැනසීම වෙලා තියෙන්නේ මගේ රසික රසිකාවියන්. මේ රටේ මගේ මිතුරන් සමඟ එක්ව විඳින සුන්දරත්වය, නිදහස අපට ලෝකේ කොහේ ගියත් විඳින්න බැහැ.
ඔබ ලංකාව අතහැර ගියේ කලකිරීමෙන් ද?
ඔව්! ඒ වකවානුවේ අපි මේ රටින් පිටමං වුණේ දැඩි කලකිරීමකින්. නමුත් දැන් අපේ මවු රටේ රැඳෙන්න අපි වඩාත් කැමැතියි. රට රාජ්ජවල මොනතරම් නිදහස, සැප සම්පත් තිබුණත් මගේ මවු රටේ දී වගේ අපේ ජීවිත එහෙදී පරිපූර්ණ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ මේ ගමනේදී අතිගරු ජනපති තුමන් අපිට කැපී පෙනෙන සහයෝගයක් ලබා දේවි යැයි කියා.
ඔබේ දියණියන් දෙදෙනාත් ඔබ දෙපළ වගේ ම සංගීතය ඔවුන්ගේ අනාගතය කර ගනීවිද?
අපේ නම් මුළු ජීවිතයේ සියයට සියයක් ම කැප කළේ සංගීතය වෙනුවෙන්. එයාලත් වෙනත් රැකියාවක නියැළෙන අතරතුරදී සියයට අසූවක් පමණ ඔවුන්ගේ ජීවිතය සංගීතය වෙනුවෙන් කැප කරාවි. මගේ බාල දියණිය සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වීමට කැමැත්තෙන් සිටිනවා. ලොකු දුවටත් එවැනි අරමුණු තිබෙනවා. ඉතින් ඔවුන්ගේ ම ව්‍යාපාරයක නියැළෙන ගමන් සංගීතයට කැප වේවි යැයි මට විශ්වාසයක් තිබෙනවා.
එදා සහ අද ඔබ ලංකාවේ වෙනසක් දකිනවාද?
ඔව්. සැබවින් ම කාලාන්තරය ලාංකේය ජනතාව ගොදුරු වී සිටි පිළලයකින් ගැලවීමට හැකි වීම තමයි අත්විඳිය හැකි විශාලතම වෙනස.
නව පරපුරේ හැකියාවන් හා අද බිහි වන නිර්මාණ ගැන ඔබගේ අදහස?
අද බිහිවන බොහොමයක් නිර්මාණ ඉන්දියානු සංගීතයට බොහොම බරයි. හිප් - පොප් සංගීත ශෛලිය මෙරට ජනප්‍රිය වී තිබුණත් අපිට අසන්නට ලැබෙන්නේ බටහිර සංගීතය මිශ්‍ර වුණු ඉන්දීය හිප් - පොප් සංගීතයක්. නමුත් පෙරට වඩා අද වැඩි පිරිසක් නිර්මාණකරණයෙහි යෙදීම මම දකින ධනාත්මක පැතිකඩක්. හැබැයි තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නවා වෙනුවට ජනප්‍රිය ගීතයක් අසා ඒ රැල්ලටම නිර්මාණ බිහි කිරීම කනගාටුවට කරුණකි. එහෙත් මේ අතරතුර හොඳ ගයක ගායිකාවන් කිහිප දෙනෙකුත් බිහි වී තිබෙනවා. අද ගීත රාශියක් තිබුණත් විවිධත්වයක් නැහැ. ඉතින් නිර්මාණ කරුවා හැම විටම උත්සාහ කළ යුත්තේ අනුන් කරන නිර්මාණය වගෙ නිර්මාණ බිහි නොකර තමාගේ ම නිර්මාණයන් බිහි කිරීමටයි.
ඔබ සිත් ගත් නව පරපුරේ ගීත කිහිපයක් සඳහන් කළොත්.
අමල් පෙරේරා ගේ ‘ප්‍රංශ යුවතියන්’. ගීතයට මා වඩාත් කැමැතියි.
මේ දිනවල සුරේන්ද්‍ර පෙරේරාගේ මන්ද රිද්ම ගීතයක් අසන්නට ලැබෙනවා.
හිප් - පොප් ශෛලියට අනුව වෙනස්ම මඟකින් කළ නිර්මාණයක්.
එයත් මට ප්‍රියයි.
ඔබේ ගීත වෙන අය ගායනා කරනවාට ඔබ කැමැතිද?
මගේ ගීත වෙන අය ගායනා කරනවාට මගේ කිසිම අකැමැත්තක් නැහැ. නමුත් යමෙක් මුදල් උපයා ගැනීමේ අරමුණින් ඒ ගීත ගයනවාට නම් ඊට මගේ කැමැත්තක් නැහැ.
ඔබ ජෝතිපාලයන්ගේ ජනප්‍රිය ගීත කිහිපයක් අනවසරයෙන් ගායනා කොට සංගත තැටියක් ඇමෙරිකාවේ දී නිකුත් කර තිබෙනවා යැයි මම චෝදනා කළොත්?
ඒක වැරැදි චෝදනාවක්. මම ගායනා කළ හැම ගීතයක් ම සියයට සියයක් අවසර අරගෙනයි කළේ. ගීත එකක්වත් ජෝතිපාලයන්ට අයිතිව නැහැ. ඒ ගීතවල සිංහල පද රචනයේ අයිතිය තිබුණේ කරුණාරත්න අබේසේකරටයි. ඒ ගීත සංගීතවත් කර තිබුණේ ඉන්දීය සංගීතවේදිනුයි. ගීත කිහිපයක් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට හා මෙල්රෝයි ධර්මරත්නට අයිතිව තිබුණා. ඉතින් ඒ අවසර ඇතුව ටොරානා ආයතනයෙන් තමයි නිෂ්පාදනය කළේ.
ඔබ ගැයූ ජෝතිපාලගේ ගීත රසිකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ යැයි කීවොත්.
වැරැදියි. එයට වෙනම රසික පිරිසක් බිහි වුණා. එම සංයුක්ත තැටිය වැඩියෙන් ම අලෙවි වූ රට ඇමෙරිකාවයි.