Chat with sudiksha samadi

12 Jan 2021 / 0 Comments

 Chat with sudiksha samadi

තව කියවන්න

Gossip News Srilanka
Model & Actresses

Nona Shifani New Photos

Nona Shifani New Photos ...

ishi zohana New

ishi zohana New ...

උණුසුම් පුවත්

Chat with Michelle Dilhara

Michelle Dilhara I Adara Belman Music Video Nilan Hettiarachchi ft Gayani Madusha Chat with Michelle...

Ralway Station In Alimankada

  Ralway Station In Alimankada ...

Movie

    Susthi sinhala movie

    susthi sinhala full movie,susthi film onlline,susthi film song,susthi film acctress,...

Gossip News

Chat with sudiksha samadi

 Chat with sudiksha samadi...

Video Gallery

Lakshika siriwardana Speaks ( Video )

...

Sport
World News & Gossip
Model & Actresses
Published On:
Posted by gossip lanka live

sihinayaki jeewithe Tele drama


ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්

චන්දික සීනි නැතිව බීම බොයි

සිහිනයකි ජීවිතේ දර්ශන තලයේ රසමුසු තැන්


මේ ගෙවෙන්නේ වෙහෙසකර දිනයකි. බොරැල්ල මංසන්ධියෙන් කොට්ටාව බසයකට ගොඩ වූ මම කවුළුවක් අසල අසුන්ගත වීමි. ස්වල්ප වේලාවකින් බසය ගමන් ඇරැඹීය. එහි ගුවන් විදුලි යන්ත්‍රයේ ජෝතිපාලයන්ගේ ගීතයක් වාදනය වෙමින් තිබිණි. ප්‍රේමෙන් බැඳෙන්නෝ සිටිති ලොවේ එයින් කීයෙන් කී දෙනෙකුන්දෝ දන්නේ සුවේ ප්‍රේමයේ තවත් පැතිතඩක් විවරණය කරන එම ගීතය ඇසෙන්නට පටන් ගත්තේ පන්නිපිටියට ආසන්නයෙන් බසය ගමන් කරද්දීය.
හදිසියේම කවුළුවෙන් පිටත බැලූ මගේ නෙතට හසු වූයේ තරුණයකු සහ තරුණියකි. නම් වශයෙන් හැඳින්නුවහොත් ඒ උද්දික ප්‍රේමරත්න සහ ශලනි තාරකාය. ඔවුන් දෙදෙනා පෙම් කරන වගක් මම අසා තිබුණේ ද නැත.
මෙය ජනමාධ්‍යකරුවකු වූ මට හොඳ පුවතකි. එහෙයින් වහ වහා බසයේ සීනුව නාද කොට බසයෙන් පැන ගත්තෙමි.
අවට කැමරාවක් හෝ පෙනෙන්නට නැත. ප්‍රසිද්ධ ස්ථානයක වුව ද දෙන්නාගේ හැසිරීම සාමාන්‍ය පෙම්වවතුන් යුවළක් ගානය. දැන් දෙදෙනා අතිනත් බැඳන් මා පසු කොට ගියෝය. ඒ ආදරයේ බලමහිමය කෙසේද යත් ඔවුන් මා පවා දුටුවේද නැත. සිත මේච්චල් වුව ද මාගේ දෑත එසේ නොවූවේය. මගේ අත්පොඩි නදින් උද්දික සහ ශලනි මොහොතක් නතර වුණෝය.
දෙන්නගේ ලව් එක කොච්චර ද කියනවා නම් මාවවත් දැක්කේ නැහැ නේද?
එය කියවුණේ ඉබේමය.
වචන දෙවනුව තබා සිනහවකින් පළමුව සංග්‍රහ කොට මට බායියන්න පවසමින් එතැන තිබූ නිවසකට දෙදෙනාම ගියෝය.
මම ද එතැනට ගියෙමි. එහෙත් පුද්ගලයකු පැමිණ එන්න එපායැයි අතින් සන් කළේය.
කට් . . .කට් . . . කට් . . .
නිවසින් හඬක් නික්මිණ.
ආ . . . දැන් ඇතුළට එන්න අවසරයි.
මම බන්දු ලලිත් පෙරේරා.
මේකේ ප්‍රඩක්ෂන් මැනේජර්.
ඒ මට එන්න එපා කී පුද්ගලයාය.
චන්දික නානායක්කාර සහ ශලනිගේ මව නිර්මා සුරංජි ආලින්දයේ වාඩි වී සිටිති. නව පරපුර නියෝජනය කරන උදිත් සඳරුවන් සහ ඉෂාරා සඳමිණි (කේතකී) සඳළුතලයේ කතාවකය. මා හඹා ආ පෙම්වතුන් යුවළ ද තිර පිටපතක් අතැතිව හුන් පුද්ගලයකු ළඟය.
මේ නළු නිළියන් එකතුවීමෙන් නිර්මාණය වූ නාට්‍යක් මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වේ. එහි නම සිහිනයකි ජීවිතේය. උද්දික සහ ශලනි පිටුපසින් මා පැමිණ ඇත්තේ එහි දර්ශන තලයටය.
තිර පිටපත අතැතිව සිටියේ එහි අධ්‍යක්ෂ තිස්ස විජේකෝන්ය. ඔහු මීට ප්‍රථම විශ්මය, අනුත්තරා වැනි ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කොට ඇත.
අපි ශලනිගෙයි උද්දිකගෙයි සීන් එකක් ෂූට් කළා. උඩ තට්ටුවෙ ජනේලයක් ගාව තමයි කැමරාව තිබුණේ.
තිස්ස කීය.
මා රැවටී ඇතිවග දැනගතමුත් මම එය ඔහුට නොකීමි.
ඔයා හොද දවසක තමයි ඇවිත් තියෙන්නේ. අද ලොකේෂන් එකේ මේන් ආර්ටිස්ලා ඔක්කොම ඉන්නවා.
චන්දික මගේ අහඹු ගමන ගැන දන්නේ නැතිව එලෙස පැවසීය.
හදිසියේම නිවසෙහි මැද දොරක් විවර කරමින් ඉෂාරා දුව විත් මිදුලෙහි බහුලව ඇති බෝගන්විලා පඳුරක සැඟ වුණාය. ඇයව ඔබ හොඳින් හඳුනන්නේ සිහින පියාපත්හි කේතකීහැටියටය.
කෝ මේ ගෑනු ළමයා?
යෝගට් එකක් අතැතිව උදිත් සොයන්නේ ඇයව බව මට ප්‍රත්‍යක්ෂ විය. ඇයි මොකද ප්‍රශ්ණේ?
මේ යෝගට්වලට හම්බු වෙච්ච හැඳි ටික ඉෂාරා අරන් දිව්වනේ.
බෝගන්විලා මල් අතරේ සැඟවුණු ඉෂාරාව දැක ගැනීමට උදිත්ට නොහැකි විය.
කොහොමද, මල කවුද මම කවුද කියලා අඳුන ගන්න බැරි වුණානේ.
ඇය ඉන් පිටතට පැමිණියේ එලෙස කියාගෙනය.
උදිත්ගේ හැඳි ගැටළුව එතැනින් නිමාව දුටුවේය.
මෙයා හොඳටම බය වුණා අපි දෙන්නා අතින් අල්ලන් මුකුළු කර කර යද්දි.
උද්දිකගේ වදන්වලට මම සිනාසුණා පමණි.
අපි දෙන්නා පොඩි ජෝක් එකක් කළේ. සිහිනයකි ජීවිතේනිසයි අපි ලවර්ස්ලා වුණේ.
ඊළඟ සීන් එකට බීම වීදුරුවක් ඕනේ. සහය අධ්‍යක්ෂ සුනෙත් රසාංග ඉල්ලා සිටියි.
ආ . . . මෙන්න. හැබැයි චන්දික මේකෙන් භාගයක්වත් බොන්න ඕනේ සීන් එකේදී.
හරි, හරි භාගයක් නෙවෙයි, ඔක්කොම බොන්නම්කෝ මං.
දර්ශනය ඇරැඹිණ.
කියූ පරිදි චන්දික ද බීම වීදුරුව හමාර කළේ බිඳක්වත් නොතියාය.
අයියෝ සීන් එක ඉවරද? බීම එකට සීන් දැම්මේ නෑනේ.
සහයකයකු එතැනට පැමිණියේ සීනි බෝතලයක්ද රැගෙනය.
මට ඒක දැනුණේ නැහැ. හැබැයි බීම එක පැණි රහයි.
චන්දික එය බීවේ අමාරුවෙන් බව නොකියා එලෙස කීවේය.
මම එහෙනම් ගිහින් එන්නම්.
මේ සොඳුරු දර්ශන තලයෙන් සමුගන්නට හිත නොදෙයි. තවත් මොහොතක් එහි රැඳෙන්නට ඇත්නම් යන්න මට දෙතුන් සැරයක්ම සිතිණ. නොදන්වා හෝ පැමිණිය ද රසවත් දෑ බොහොමයක් රැගෙන මම ඔවුන්ගෙන් සමු ගත්තෙමි.
සිහිනයකි ජීවිතේ මේ අයත් රංගනයෙන් දායක වේ.
ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, කුසුම් රේණු, මනීෂා නාමල්ගම, ලසන්ත උඩුකුඹුර, සුසිල් පෙරේරා, ලක්ෂාන් වාත්තුහේවා, සම්පත් කුමාරතුංග, නුවන් ගුණසේකර, රොහාන් රණතුංග, සම්පත් ආතාවුද.
නිෂ්පාදනය නිල්වලා වීඩියෝ ටීම් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ.
නිෂ්පාදන විධායක ලලිත් වසන්ත, නීල් රුක්මන්
කතාව සහ තිර රචනය - සනත් සමරනායක
කැමරා අධ්‍යක්ෂණය ප්‍රසාද් වීරකෝන්
කලා අධ්‍යක්ෂණය - සිසිර කුමාර වන්නිනායක
සංගීත අධ්‍යක්ෂණය - ශාන්ත ජයලත් තිසේරා
ගී පද රචනා- චන්න ජයනාත්
සංස්කරණය - සමන්ත වික්‍රමසිංහ
ගීත ගායනා - එරන්ද පැතුම්, අමිලා නදීශානි

source - http://www.sarasaviya.lk

About the Author

Posted by gossip lanka live on 7:43 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:43 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "sihinayaki jeewithe Tele drama"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.