Chat with sudiksha samadi

12 Jan 2021 / 0 Comments

 Chat with sudiksha samadi

තව කියවන්න

Gossip News Srilanka
Model & Actresses

Nona Shifani New Photos

Nona Shifani New Photos ...

ishi zohana New

ishi zohana New ...

උණුසුම් පුවත්

Chat with Michelle Dilhara

Michelle Dilhara I Adara Belman Music Video Nilan Hettiarachchi ft Gayani Madusha Chat with Michelle...

Ralway Station In Alimankada

  Ralway Station In Alimankada ...

Movie

    Susthi sinhala movie

    susthi sinhala full movie,susthi film onlline,susthi film song,susthi film acctress,...

Gossip News

Chat with sudiksha samadi

 Chat with sudiksha samadi...

Video Gallery

Lakshika siriwardana Speaks ( Video )

...

Sport
World News & Gossip
Model & Actresses
Published On:
Posted by gossip lanka live

Chat With Buddhika jayarathna




නළුවෙක්‌ නොවුණා නම් පාතාල නායකයෙක්......

මීට වසර දහ තුනකට එපිටදී "රෝස වසන්තය" චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ ඔහු අද වන විට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට රංඟන දායකත්වය ලබාදී ඇත.

ක්‌ෂේත්‍රය තුළ ඔහු වඩාත් කතා බහට ලක්‌ වුයේ "හතරදෙනාම සුරයෝ" නව නිෂ්පාදනයේ අසහාය නළු ගාමිණි ෆොන්සේකා එදා කළ ප්‍රධාන චරිතය ප්‍රති නිර්මාණය කළ නිසාය.

සෑමවිටම රංඟධරයෙකු ලෙස තමන් රඟනZ චරිතය පිළිබඳව සියයට සියයක්‌ තෘප්තිමත් නොවීම බුද්ධික ජයරත්න තුළ සිටිනා රංඟෙවිදීයා දවසින් දවස ඉදිරියට ගෙන යන බව ඔහු කියයි.

"
මේ දවස්‌වල මම වැඩිපුරම කරන්නෙත් රඟපාන එක තමයි." ස්‌වර්ණවාහිනීයෙන් නිෂ්පාදනය කරන සුරංජන් විඡේනාම විසින් අධ්‍යක්‌ෂණය කරන "ඉටි මල්" රූප ගත කිරීම් අතර වාරයේ ඔහු සමඟ කතා බහ ආරම්භ වුයේ එසේය.

"
මම ක්‌ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 13 ක්‌ විතර වෙනවා. රෝස වසන්තයෙන් අවුරුදු 13 කට පස්‌සෙයි මමයි රංජන් රාමනායකයි එකට රඟපාන්නේ. හැබැයි ගිය වසරේ අග භාගයේ ඉඳලා මේ දක්‌වා කාලය මම ගොඩක්‌ කාර්යබහුල වෙලා. ඒක එක අතකින් හොඳයි, තවත් අතකින් නරකයි." මාගේ කතා බහට ප්‍රවිශ්ඨයක්‌ ඔහුගේ කතාවෙන්ම ලැබුණි.

ඇයි මේ හොඳ නරක දෙකක්‌...?

නරක තමයි මම කොහොමටත් ටිකක්‌ දවල් වෙනකම් නිදා ගන්න, රෑ වෙනකම් ඇහැ ඇරලා ඉන්න කැමති කෙනෙක්‌. ඒ වගේම කාර් එක අරගෙන ඔහේ අරමුණක්‌ නැතිව පදවගෙන යන්නත් කැමතියි. මම කැමති ඒ දේවල් කාර්යබහුලත්වය නිසා මඟ ඇරෙනවා. හොඳ තමයි රඟපාන චරිත ප්‍රමාණය, මුදල්, අත්දැකීම් නළුවෙක්‌ විඳිහට වැඩි වෙනවා.

නිර්මාණකරනයෙන් බැහැර වන සාමාන්‍ය බුද්ධික කවුද කියලා හඳුන්වන්න.

මම රස්‌තියාදුකාරයෙක්‌. මම මුලිනුත් කිව්වේ ඒකයි. සාමාන්‍යයෙන් ලෙඩ තියෙන වාහන අරගෙන ඒවට අවශ්‍ය වෙන කෑලි සොයන එක, ගරාඡ්වල ඉන්න එක නිර්මාණකරනයෙන් බැහැර වෙන බුද්ධික කරන දේවල්.

එතකොට බුද්ධික කියන නළුවා...

රඟපාන චරිතවලින් කිසිසේත්ම තෘප්තිමත් නොවන කෙනෙක්‌. ඒ හැඟිම තමයි බුද්ධික කියන නළුවා ඉදිරියට අරගෙන යන්නේ. නළුවෙකුගේ සාර්ථකත්වය රඟපාන චරිතවලින් තෘප්තිමත් නොවීම කියලයි මම හිතන්නේ.

නළුවෙක්‌ නොවුනා නම්...

ප්‍රසිද්ධ චරිතයක්‌වීමේ උණක්‌ තිබුණා. ඒ නිසා නළුවෙක්‌ නොවුනා නම් පාතාල ලෝකේ නායකයෙක්‌වෙලා හරි ප්‍රසිද්ධ වෙන්න ඉඩ තිබුණා. දොස්‌තර කෙනෙක්‌, ඉංජිනේරුවෙක්‌ වෙන්න ඉගෙනීමේ ආසාවක්‌ හෝ හැකියාවක්‌ කවදාවත්ම තිබිලා නැහැ.

චරිතයක්‌ තෝරා ගැනීමේදී මොනවද ඔබ හිතන්නේ...

මුලින්ම රඟපාන්න තියෙන චරිතය ගැන සැළකිලිමත් වෙනවා. ලැබෙන චරිතය මට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. දෙවනුව වැඩ කරන්න වෙන අධ්‍යක්‌ෂ ගැන අවදානය යොමු කරනවා. මිල ගැනත් හිතන්න වෙනවා. කා එක්‌කද මම රඟපාන්නේ, කොහේද රඟපාන්න තියෙන්නේ කියන කාරණා මට අදාල නැහැ.

බුද්ධිකගේ පදිංචිය කොහේද?

රාජගිරියේ, බුත්ගමුවේ.

ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?

කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

ජීවිතය ගැන ඔබේ හැඳින්වීම...

අනිත්‍යයි, දුක්‌කයි, අනාත්මයි. ජීවිතය තුළ කරන හැම දෙයකින්ම අපට අත්දැකීම් සහ ප්‍රතිළුල ලැබෙනවා. අත්දැකීම් ජීවිතයට ඉතා වැදගත්. ජීවිතයේ ප්‍රතිළුල හොඳ සහ නරක ලෙස කොටස්‌ දෙකකට වෙන් කළ හැකියි. නරක ප්‍රතිළුල ලැබෙන දේවල් අත්හරින්න උත්සහ කරමින් හොඳ ප්‍රතිළුල ලැබෙන දේවල් ක්‍රියාත්මක කරමින් ජීවත්වීම තමයි මම දකින ජීවිතය.

හරින්දි ලියනගේ
ඡායා-සමන් අබේවික්‍රම

 source - http://www.divaina.com

About the Author

Posted by gossip lanka live on 7:25 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:25 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Buddhika jayarathna"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.