Published On:
Posted by gossip lanka live

Chat With Asnaka Priyamantha Peris මෙතනින් එහාට ජනප්‍රියත්වයක්‌ අවශ්‍ය නැහැ

මීට දශක දෙකකට ඉහතදී හිරු විකසිත වී ගී එකතුවත් සමග ඔහු කරළියට පැමිණෙනවා. පසු කාලීනව ඉරබටු තරුව, ආලවන්ත ඇස්‌, සඳ දෙව්දුව, සුවඳ අසපුවේ, කඳුළු අහංකාරයි, කඳුළු සමනලයෙක්‌, නීල ඉඳුවර වැනි ගීත එකතු කිහිපයක්‌ නිර්මාණය කරනවා. මේ නිර්මාණවලට සැබැවින්ම ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ඔහුට ලැබෙනවා. ඔහු නමින් අසංක ප්‍රියමන්ත පීරිස්‌. අසංක මේ දවස්‌වල අලුත් වැඩකටයුත්තකට මුල පුරල කියලයි කියන ආරංචිය දැනගන්න අපි ඔහුට කතා කළා.

අසංක මේ දවස්‌වල ඔබේ සංගීත වැඩකටයුතු එහෙම කොහොමද ?

මේ දිනවල අලුත් සංගීත කැසට්‌ පටයක්‌ පටන් අරගෙන එහි වැඩකටයුතු කරගෙන යනවා. මේ වෙනකොට ගීත රැසකම පටිගත කිරීම් සිදුකරලයි තියෙන්නේ.

සංගීතය පැත්තෙන් මොන වගේ වෙනසක්‌ද එහි කරන්න බලාපොරොත්තු වෙන්නේ ?

මම හැමදාම කළේ රසික රසිකාවියන්ට පණිවුඩයක්‌ දෙන ගීත ගායනා කිරීම. මම ගායනා කරන්නෙත් එවැනි ගීත. මෙම කැසට්‌ පටයේ තියෙන්නෙත් එවැනි ගීත.

ඇත්තටම ඔබ ගායනයට ආවේ මොන වගේ දෙයක්‌ කරන්නද?

ගායකයෙක්‌ ගායිකාවක්‌ කියන්නේ සමාජයට පණිවුඩයක්‌ දෙන පුද්ගලයෙක්‌ විදිහටයි මම දකින්නේ. ගීතයක්‌ හරහා අපිට පැතිකඩ කිහිපයකටම යා හැකියි. එය හරි පරිස්‌සමෙන් රසික රසිකාවියන්ට ලබාදීමයි ගායකයෙක්‌ කළ යුත්තේ. ඒ දෙය අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ කළා කියලා මම හිතනවා.

ඔබ තෝරාගත් සංගීත ශෛලියට මොනවගේ ඉල්ලුමක්‌ ද තිබෙන්නේ ?

ඇත්තටම බොහොම හොඳ ඉල්ලුමක්‌ තිබෙනවා. අපේ රටේ අපිට උරුම වූ සංගීත ශෛලියක්‌ තිබෙනවා. ඒ හරහා තමයි අපි ගීත ගායනා කළ යුත්තේ.

ඔබ ජනප්‍රිය රැල්ලට අයත් නැද්ද?

මම ක්‍ෂේත්‍රයට යොමුවෙලා වසර විස්‌සක්‌ වෙනවා. මුල් කාලය වගේම දැන් බලද්දීත් මට ජනප්‍රියත්වය එකවගේ තිබෙනවා. මෙතැනින් එහාට මට ජනප්‍රියත්වයක්‌ ලබාගන්න වුවමනාවක්‌ නැහැ. ක්‍ෂේත්‍රයේ රැඳීමයි වැදගත් වෙන්නේ.

අසංකට හිමි තැන මේ වෙනකොට ලැබිලා තියෙනවා කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. මොකද ලංකාවේ පැවැත්වෙන සෑම ප්‍රසංගයකටම මට ආරාධනා ලැබෙනවා. එයින් පෙනෙන්නේ අපි මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නවා කියන එකයි.

ප්‍රසංග වේදිකාවේ තිබෙන ප්‍රතිචාර එහෙම?

මේ වෙනකොට නම් ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඉදිරියේ පවතින ප්‍රසංග කිහිපයකට දැනටමත් ආරාධනා ලැබිලා තිබෙනවා.

ගොඩක්‌ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි ඔබ ප්‍රසංග වේදිකාවේ ගයන හඬ නෙවෙයි ඔබේ සංයුක්‌ත තැටිවල තිබෙන්නේ කියලා. ඇයි මේ හඬ දෙවිදියකට භාවිතා කරන්නේ ?

පටිගත කිරීමක්‌ සහ ප්‍රසංග වේදිකාවක්‌ කියන්නේ දෙකක්‌. ගොඩක්‌ දෙනා බලාපොරොත්තු වෙනවා ඇති සංයුක්‌ත තැටියේ තිබෙන හඬ ප්‍රසංග වේදිකාවේත් ලබාදෙයි කියලා. ඒක කරන්න අමාරු දෙයක්‌. මම නොවෙයි කවර ගායක ගායිකාවකට වුණත් එතැනට යා නොහැකියි. මොකද සංගීත කණ්‌ඩායමක්‌ පුහුණු වෙන ආකාරයට තමයි අපිට එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරන්න වෙන්නේ. එවිට මුල් ගැයුම කරන්න බැහැ. ඒක මට නෙවෙයි ලංකාවේ ඉන්න කිසිම ගායකයෙකුට කරන්න බැරි වැඩක්‌.

නවක ගී තරු තෝරන වැඩසටහන් නිසා ගායන ක්‍ෂේත්‍රයට තිබූ තැන බාල වුණා, හානියක්‌ වුණා කියලා ඔබ හිතන්නේ නැතිද ?

එවැනි වැඩසටහන්වලින් එන කිසිකෙනෙක්‌ ක්‍ෂේත්‍රයේ රැඳුණේ නැහැ. මේකෙ රැඳීමයි වැදගත්. 90 දශකයේ කවුරුත් තවම බිහිවෙලා නැහැ. 2010 ට කවුරුත් බිහිවෙන්න උත්සාහයකුත් නැහැ. මේ ආධුනික ගී වැඩසටහන් සාර්ථක නැහැ.

නවක ශිල්පීන් තෝරන වැඩසටහන්වලට ඔබ එකඟ නැහැ කියලනේ කියන්නේ ?

සංගීත ක්‍ෂේත්‍රයට එවැනි හොඳ වැඩසටහන් බිහිවිය යුතුයි. එයින් දෙයක්‌ කරන්න පුළුවන් කෙනෙක්‌ තමයි මෙතැනට අවශ්‍ය. එතැනදී එය හරියාකාරව සිදුවන්නේ නැහැ. එහෙනම් මීට ඉස්‌සර ආපු ගායක ගායිකාවක්‌ රැඳී සිටිය යුතුයි. නමුත් අද ඔවුන් රැඳිලා නැහැ.

ඔබ කියන්නේ හරයකුත් නැහැ කියලද?

ඇත්තෙන්ම ඔව්.

මේ බිහිවන තරු අසංකට අභියෝගයක්‌ වෙලා තිබෙනවාද?

කිසිමදාක නැහැ. මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. මොකද ක්‍ෂේත්‍රය තුළ අසංක ප්‍රියමන්ත කියන නම ගොඩනැගිලා ඉවරයි.

නමුත් එවැනි තරු ඔබේ ගීත ගායනා කරලා ඔබට වඩා ඉහළ මිලක්‌ අයකරන අවස්‌ථාත් තිබෙනවා කිව්වොත් ?

ඕක තේරුම් ගත යුත්තේ ප්‍රසංග සංවිධානය කරන සංවිධායක මණ්‌ඩලය. එයාලා ඒ තරුව ගෙන්වනවද නැතිනම් සැබෑ ගායකයා ගෙන්වනවද කියලා තීරණය කළ යුතුයි.

අසංකගේ පවුලේ විස්‌තර ටිකකුත් කිව්වොත් ?

මගේ බිරිඳයි. දරුවන් තිදෙනයි. අම්මා සහ තාත්තාත් මා සමග තමයි ඉන්නේ.

බිරිඳගෙන් මොන වගේ සහායක්‌ද ලැබෙන්නේ ?

විශාල සහයක්‌ ලැබෙන්නේ. එයා තමයි මට ඉදිරියට යන්න අවස්‌ථාව හදලා දෙන්නේ. බොහොම ලොකු කැප කිරීමක්‌ කරනවා මගේ බිරිඳ.

රසිකාවියන්ගේ දුරකථන ඇමතුම්වලට බිරිඳට කේන්තියන්නේ නැතිද?

මට එන දුරකථන ඇමතුම්වලට ගොඩක්‌ වෙලාවට කතා කරන්නේ බිරිඳ. ඒ කතා කරන රසික රසිකාවියන් බිරිඳත් සමගත් බොහොම සම්බන්ධකම් තිබෙනවා. එයා ඒක වැරැද්දක්‌ විදිහට දකින්නේ නැහැ.


දිනේෂ් විතාන
ඡායා - නදුන් බදුගේ

About the Author

Posted by gossip lanka live on 9:00 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:00 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Asnaka Priyamantha Peris මෙතනින් එහාට ජනප්‍රියත්වයක්‌ අවශ්‍ය නැහැ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.