Published On:
Posted by gossip lanka live
සනත් ජයසූරියට දෙකම අමතක වෙයි
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවති දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට විස්තර ප්රචාරක කටයුතු සිදුකළ ජාත්‍යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් ජයසූරියගෙන් ප්‍රශ්න දෙකක් ඇසූවේය.“ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද..”
එහෙට මෙහෙට ඇඹරෙමින් සිටි සනත්ට එකී ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කර ගත නොහැකිවිය.
“නිල් මානෙල්..”ටෝනි ග්‍රේ කියා සිටියේය.
සනත් එය අනුමත කරමින් හිස වනා සිනාසුනේය.
“ඔබේ රටේ ජාතික වෘක්ෂය කුමක්ද..?”
ටෝනි ග්‍රේ යළිත් ඇසුවේය.
සනත් ජයසූරිය යළිත් උඩබිම බැලුවේය.
“නා”
ටෝනි ග්‍රේ සිහිපත් කළේය.
“ඒක මං දැනගෙන සිටියා”
සනත් යාම්තමට හිස වනා ජාම බේරාගන්නට උත්සාහ කළේය.
තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.අතීතයේ මාස්ටර් බ්ලාස්ටර් ලෙස හැඳින් වූ සනත් ජයසූරිය තමන්ගේ රටේ ජාතික පූෂ්පය හෝ ජාතික වෘක්ෂය නොදැනීම කාටවත් ප්‍රශ්නයක් නොවී ජයග්‍රහණයේ උද්දාමයෙන් සියල්ල යටපත් වී ගියේය.






