Published On:
Posted by gossip lanka live
අඟුලාන ද්විත්ව ඝාතකයින්ට මරණ දඩුවම නියම වෙයි
මහත් අන්දෝලනයකට තුඩු දුන් අඟුලාන ද්විත්ව මිනිස් ඝාතනයේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇත.2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක අපොන්සු යන තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරාදමන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව අධිකරණය සඳහන් කර ඇත.






