Published On:
Posted by gossip lanka live

Chat With Gayesha perera දැන්ම විවාහ වෙන්න අදහසක් නෑ.


ඇය රූ රැජනකි. අන්තර්ජාතික රූ රැජන තරගවලින් තම මව්බිමට ගෞරවයක් ලබාදීමට සමත් වී ඇති රූ රැජනකි. එසේම ඇය රංගන ශිල්පිනියකි; මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෙම සෑම ක්‍ෂේත්‍රයකම තම හැකියාව පෙන්නුම් කර ඇති ඇය ගයේෂා පෙරේරාය. අද තරුවක් සමඟ වරුවක් විශේෂාංගයට එක්වන්නේ ඇයයි.
ඉතින් ගයේෂා මේ දවස්වල මොනවද කරන්නෙ. ආයෙත් රංගන කටයුතුවල ද ඉන්නෙ..?
ඔව්. ආසියානු පැසපික් රූප රාජනී තරගාවලියට සහභාගිවෙන්න තිබුණු නිසා පසුගිය මාස 6 පමණ කාලයක් රංගන කටයුතුවලින් ඉවත්වෙලා ඉන්න සිදුවුණා. දැන් මම නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නව. ටෙලි නිර්මාණ පහක වැඩ කටයුතුවලට මේ දිනවල දායක වෙනවා. පිල්ලෑව වලව්ව, ඉසුරු විමන, සිහිනයකි ජීවිතේ, සඳ එළිය වැනි තවත් ටෙලිනාට්‍ය දෙකක් ඒ අතර වෙනවා. ඒ වගේම දැවැන්ත නර්තන ප්‍රසංගයකටත් මේ දවස්වල සූදානම් වෙනවා.
පසුගියදා ඔබ සහභාගි වුණු 2012 ආසියානු පැසිෆික් රූප රැජන තරගය පිළිබඳව සඳහන් කරමු...
ඒ තරගය පැවැත්වුණේ කොරියාවේ සහ ජපානයේ. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ තරගයෙදි හොඳම පෞරුෂයට හිමි සම්මානයත්, හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානයත් ශ්‍රී ලංකාවට ගෙන එන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම අවසන් තරගකාරියන් 15 දෙනා අතරට ඒමට ලැබීමත් මම වගේම මගේ රට ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. ඒ ගැන මට හරිම ආඩම්බරයි.
ඔබ රංගනයට පිවිසියේ රූ රැජනක් වුණාට පසුවද?
ඔව්. 2006 අවුරුද්දෙ ශ්‍රී ලංකා රූ රැජන වුණේ මම. ඒ ජයග්‍රහණයෙන් පසුව මට කලා ක්‍ෂේත්‍රයට එන්න ආරාධනා කීපයක්ම ලැබුණා. මම මුලින්ම සහභාගි වුණේ නිම්වළල්ලටෙලිනාට්‍යයේ රංගනයට. ඉන් පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපෑවා. 2006 අවුරුද්දේ සංචාරක රූ රැජන කිරුළ හිමි කරගන්නත් මට හැකි වුණා. රංගනයට පිවිසෙන්න ඉස්සරවෙලා මම විවිධ රූ රැජන තරගවලින් ජයගත් කෙනෙක්. පුංචි කාලෙ ඉඳලම මම කලාවට ආසයි. ඒ නිසා දිගටම මම රංගන කටයුතුවලට දායක වුණා.
මොනවද ඔබ මෙතෙක් සහභාගි වී ඇති නිර්මාණ..?
මගෙ මතකයේ හැටියට මම මේ වන විට ටෙලිනාට්‍ය 20කට ආසන්න සංඛ්‍යාවක රඟපාල තියෙනව. ඒ වගේම චිත්‍රපට දෙකකටත් දායක වෙලා තියෙනව. ඉන් එක චිත්‍රපටයක් තමයි ඉගිලෙන මාළුවෝචිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය රඟපෑවෙ මම. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන 14 ක් ලැබී තිබෙනවා. අනෙක් චිත්‍රපටය තමයි ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් හවුල් වී නිෂ්පාදනය කරන රාමාගේ පාලමචිත්‍රපටය. එහි මම රඟපෑවේ සීතා දේවියගේ චරිතය. එවැනි ඓතිහාසික චරිතයක් නිරූපණය කිරීමට ලැබීම භාග්‍යයක් ලෙසයි මම දකින්නේ.
පසුගියදා විකාශය අවසන් වුණු ජාතික නාළිකාවේ දූලි පින්තාරුටෙලි නාට්‍යයේ ලීසාගේ චරිතය නිරූපණය කළේ ඔබ නේද?
ඔව්. මම මෙතෙක් රඟපෑ චරිත අතරින් ලීසාගේ චරිතය මට විශේෂයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා ලීසාගේ චරිතයට. දූලි පින්තාරුඋසස් නිර්මාණයක්. එවැනි නිර්මාණයක රඟපාන්න ලැබීම සතුටක්.
ඉගිලෙන මාළුවෝචිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතය...?
ඉගිලෙන මාළුවෝචිත්‍රපටයේ මම රඟපෑවේ වාසනාකියන ගැමි යුවතියගේ චරිතය. එය ත්‍රස්තවාදී යුද සමය පිළිබඳව කියවෙන කතාවක්. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කෙරුණේ හරිම දුෂ්කර ප්‍රදේශයක; ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ. නමුත් එහි රූපගත කිරීම්වලට සහභාගි වුණේ හරිම උනන්දුවකින්, කැපවීමකින්.
දැන් ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
මම රංගනයට එන්න පෙර රැකියාවක් කළා. දැන් දිගටම රඟපාන්න අවස්ථාව ලැබෙන නිසා රඟපෑම වෘත්තිය වගේ තමයි. රංගන කටයුතුවලට අමතරව මම පෞරුෂ වර්ධන වැඩසටහනක් මෙහෙයවන්නියක් ලෙසත් ක්‍රියාකරනවා. එම ක්‍ෂේත්‍රයේ මම නියැළිලා ඉන්නේ සෑහෙන කාලෙක පටන්. මම රංගනයට කැමැතියි. වෙනත් හේතුවක් ප්‍රධාන නොවන තෙක් මම රංගනයට එක් වෙනවා. නමුත් වෙනත් වැඩවලට ප්‍රමුඛතාව දෙන්න සිදුවුණු දාට මම රංගනයෙන් ඉවත් වෙනවා.
ඔබේ ගම ... එතකොට පාසල් ගියේ...?
මගෙ ගම දෙහිවල. පාසල් ගියේ දෙහිවල සුබෝධ බාලිකා විදුහලට සහ ගල්කිස්ස උසස් බාලිකා විදුහලට. පාසල් යන කාලෙ මම විවිධ කලා කටයුතුවලට දායක වුණා. ජන ගායනා භාෂා තරග ආදියෙන් මම ජාතික මට්ටමේ ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. මම ඉගෙනගත්ත පාසල් නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.
ඔබ රටට ජයග්‍රහණ ලබාදුන් කෙනෙක්. රංගන කටයුතු නිසා කාර්ය බහුල කෙනෙක්. කවුද ඔබේ ළඟින් ඉඳගෙන ඔබට සහයෝගය දෙන්නෙ...?
මගෙ අම්මයි; මගෙ අනාගත සහකරුයි.
කවුද ඔහු..?
ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක යෙදිල ඉන්නෙ. කලක් ගායනා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටියා. මගේ හැම දේකදිම මගේ අම්ම වගේම මගේ ළඟින්ම ඉන්නෙ ඔහු. ඇත්තට ඔහු මට තාත්තා කෙනෙක් වගේ. ඔහුගේ ආදරය මට ගොඩක් වටිනවා.
ඔබේ විවාහය ළඟදී සිදුවේවිද?
දැන්ම විවාහ වෙන්න අදහසක් නෑ.
ගාමිණී සුසන්ත
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

About the Author

Posted by gossip lanka live on 4:05 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:05 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Gayesha perera දැන්ම විවාහ වෙන්න අදහසක් නෑ."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.