Published On:
Posted by gossip lanka live

Chat With anurani addararachchi කමල් කියන්නේ හුඟක් හොඳ ගතිගුණ තිබෙන කෙනෙක්


දෘෂ්ටිකෝණය විශේෂාංගයට අද එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි ගේ පි‍්‍රය බිරිය අනුරානි අද්දරආරච්චිය.
ඔබත් ඔබේ පවුල් පසුබිම ගැනත් මුලින් ම අපි කතාබහ කරමු.
මගේ පියා ලැම්බට් තිසේරා. ඔහු සේවය කළේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ. මව සුමනා තිසේරා. මගේ එකම සහෝදරයා අනුරුද්ධ තිසේරා. මගේ ගම දිවුලපිටිය. අපි ඔක්කොම හතරදෙනයි. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ සවුත්ලන්ඩ් බාලිකාවෙන්. අපේ ගෙදර පරිසරය ගත්තම හුඟාක් බුදුදහමට නැඹුරු වුණු පවුල් පසුබිමක් තමයි තිබුණේ.
ඔබ හා කමල් ගේ හමුවීම සිදුවුණේ කොහොමද?
කමල්ව මට මුලින්ම මුණ ගැහුණේ මම සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ සේවය කරන සමයේදියි. ඒ දැනට වසර 19 කට 20 කට පෙරාතුවයි. මම ඔහුගේ රඟපෑම් දැක තිබුණේ වෙදහාමිනේටෙලිනාට්‍යයෙන්. කමල්ව මට දැන හඳුනාගන්නට ලැබෙන්නේ ඔහු කරදර, ප්‍රශ්න කම්කටොලු රාශියකින් පිරී සිටි යුගයකයි. කමල්ට ඇතිවුණු ප්‍රශ්න ගැන මාධ්‍යවලින් අහන්න දකින්න ලැබුණම මට නිතර දෙවේලේ හිතුණේ එකම මනුස්සයකුට ඇයි මේ තරම් කරදර, ප්‍රශ්න කියලා.
එක දිගටම මේ විදිහට කරදර ඇතිවන්නේ ගිය ආත්මෙ කරපු කරුමයක් මේ ආත්මෙ පලදෙනවා වෙන්න ඇති කියලා හිතුණා. අපේ ගෙදර හැමෝම නිතරම රත්තනපිටිය භාවනා මධ්‍යස්ථානයට යනවා. එතැනින් හිතට ලැබෙන මානසික සහනය, පිහිට ඉහළයි. මම මේ ගැන සඳහන් කරලා එතැනට යන්න, ගිහින් භාවනා කරන්න හිතට ශක්තිය ගන්න කියලා කමල්ට ලිපියක් දැම්මා. එහි මගේ විස්තර, දුරකථන අංක සඳහන් කළා. ඉන්පස්සේ කමල් මගේ දුරකතනයට ඇමතුමක් දීලා මට ස්තූති කරලා අපි දැනහඳුනා ගත්තා. ලිපිය ලැබුණහම එතනට කමල් ගියා ද නම් දන්නැහැ. පසුව මාත් එක්ක නම් ගියා. අනුරානි සිනාසෙයි... ඒ හඳුනා ගැනීමේ අවසානය තමයි අපේ විවාහය.
කමල් ගේ ගති ලක්ෂණ ඔබ දුටුවේ මොන විදිහට ද?
කමල් එක්ක කතාබහ කරන කොට අවංක හොඳ පුද්ගලයෙක් කියන එක දැනුණා. අනෙක අපේ පවුල් පසුබිම තුළ බුදු දහමට වැඩි නැඹුරුවීමක් තිබුණු නිසා හැමදේම උපේක්‍ෂා සහගතව දකින සිතක් මට තිබුණේ. සමාජය කමල්ට මෙතරම් නින්දා අපහාස කරන්නේ ඇයි කියලා හිතුණා. ඔහු ඉතා හොඳ අවංක පුද්ගලයෙක්. අපි සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු විදිහට මේ අයුරින් හමුවෙන්න ඇති කියලා හිතුණා. අපි දැනහඳුනාගත්ත කාලෙ ඉඳලම නොයෙක් ප්‍රශ්න කමල්ට තිබුණා. මේවා විසඳිලා ඒ අපල කාලය ගෙවිලා ගිහිල්ලා අපි එකතු වෙන දවසක් ඒවි කියන විශ්වාසයෙන් අපි කටයුතු කළා.
කමල් වගේ කෙනෙක්ව විවාහ කර ගන්න හිතුවේ ඇයි?
මට දැනුණා අපේ සංසාරගත බැඳීමක් ඇති කියල. මට හිතාගන්න බැහැ කමල්ට මිනිස්සු මොනව කිව්වත් අනිත් මිනිස්සු එක්ක බලනකොට කමල් කියන්නේ හුඟක් හොඳ ගතිගුණ තිබෙන කෙනෙක්. එයා කවදාවත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පාවලා දෙන්නෙ නැහැ. එයාට එච්චර තරහ මිනිස්සු හිටියත් මා එක්කවත් ඒ අයට බැනල නැහැ. ඒ ගති ගුණ මම හුඟාක් අගය කරනවා.
විවාහයෙන් පසුව ඔබට ඔබේ නෑදෑයන්, හිතමිතුරන්, අසල්වාසීන් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
මගේ යාළුවො අපේ විවාහය ගැන හුඟාක් දුරට සතුටු වුණා. කවුරුත් වාගේ අපට ආශිර්වාද කළා. ඒ වගේම ඇයි කමල් වගේ කෙනෙක් බැන්දේ කියලා අහපු අයත් හිටියා. සමහර අය ඊර්ෂ්‍යා කළා.
ඔබ හා විවාහ වනවිට කමල් ගේ තත්ත්වය කොහොමද?
ඔහු රටේ ජනපි‍්‍රය දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ව්‍යාපාරික කටයුතුවලත් නියැළුණා.
කමල්ගෙන් ඔබේ ජීවිතයට ලැබුණු ආදර්ශ මොනවාද?
මම මේ දේ කියන්නේ හදවතින්මයි. මම කමල් ගැන හදවතින්ම ආඩම්බර වෙන බිරියක්. කමල් ගේ ඉතාම හොඳ ගති ගුණ තිබෙනවා. එය මම අගය කරනවා. ඔහුගේ ඒ ආදර්ශ අද මටත් කා වැදී තිබෙනවා.
කාලෙන් කාලෙට විවිධ වූ ප්‍රශ්නවලට කමල් මුහුණ පානවා... මේ ප්‍රශ්න කමල් එක්ක විඳ දරා ගත්තේ කොහොමද?
මුල් කාලයේ නම් ගොඩාක් මනසින් වැටිල යම් යම් දේවල් ගැන දුක් වුණා. මම මානසිකව වැටුණත් කමල්ව මානසිකව වට්ටවන්න කාටවත් ම බැහැ. ඔහුගේ මනස එතරම්ම ශක්තිමත්. අපි හුඟාක් ප්‍රශ්න ගැන හිතනවා නම් ඒ මත්තේ වැලපෙනවා නම් තමයි කමල් මානසිකව වැටෙන්නේ. එහෙම නැතිව එයා හරිම ශක්තිමත් දැක්මක් ඇති පුද්ගලයෙක්. පල ඇති රුකටනේ හැමදාමත් ගල් ගහන්නේ. නැතිව නිකන් තියෙන ගහකට කවුරුත් අත තියන්නේ නැහැනේ. ඒ වගේ තමයි අපිටත්. දැන්නම් මගේ හිතත් හරිම ශක්තිමත්. මොන ප්‍රශ්න ආවත් කවුරු බොරු කතන්දර හැදුවත් දැන් නම් ඒවාට ශක්තිමත්ව මුහුණ දෙනවා විනා හඬා වැටෙන්නේ නෑ. අපි එදිනෙදා කටයුතු අපේ පාඩුවේ සාමාන්‍ය විදිහට කරගෙන යනවා. අපිට අපහාස කරන අය ඒ දේ කරලා සතුටක් ලබනවා නම් ඒකත් ලොකු පිනක් කියලා හිත හදාගන්නවා.
ඔබේ පුතා දැන් ලොකු ඇති?
අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා රයන්. ඔහු වෙස්ලි විදුහලේ ඉගෙනුම ලබනවා. පුංචි පුතා සවීන්. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා.
ඔය දෙන්නගෙ අනාගත බලාපොරොත්තු මොනවාද?
විශේෂ ලොකු බලාපොරොත්තු අපි දෙන්නටම නැහැ. දරුවන්ට හොඳින් උගන්නලා යහපත් පුරවැසියන් කරලා ඉදිරි ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යාම තමයි ලොකුම බලාපොරොත්තුව.

About the Author

Posted by gossip lanka live on 4:08 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:08 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With anurani addararachchi කමල් කියන්නේ හුඟක් හොඳ ගතිගුණ තිබෙන කෙනෙක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.